Home Headlines Coronavirus ඔමික්ක්‍රෝන් ලෝකයම වටලයි ශ්‍රී ලංකාවත් අවධානම් කළාපයේ

ඔමික්ක්‍රෝන් ලෝකයම වටලයි ශ්‍රී ලංකාවත් අවධානම් කළාපයේ

ලොව භයානකම වෛරසයක් බවට පත්ව තිබෙන කෝවිඩ් වසංගතයටත් වඩා දරුණු ඔම්ක්‍රෝන් වෛසරය ශ්‍රී ලංකාව ඇතුළු ලොව රටවල් 38 ක පැතිර තීබීම දැඩි රෝග භීතියක් ඇති කරවන්නක් බවට පත්ව තිබේ.

ඔමික්‍රෝන් ප්‍රභේදයට ප්‍රතිශක්තිකරණය මගහැර යාහැකි බවට පළමු වරට දකුණු අප්‍රිකානු වෛද්‍යවරු සාක්ෂි ඉදිරිපත් තිබේ. මෑත කාලීනව එරට තුළ කොරෝනා වෛරසය එක් වරකට වඩා ආසාදනය වූ පුද්ගලයින්ගේ ඉහළයාමක් ඔවුන්ගේ නිරීක්ෂණයට ලක්වී තිබුණි.

විද්‍යාඥයින් පෙන්වා දෙන්නේ ඔමික්‍රෝන් ප්‍රභේදය හමුවේ මෙලෙස එකම පුද්ගලයෙකුට වුවද යළි යළිත් වෛරසය ආසාදනයවීමේ හැකියාව පවතින බවය. මේ වන විට ඔමික්‍රෝන් ප්‍රභේදය රටවල් 38ක පැතිර ගොස් ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

Exit mobile version