Home Headlines Coronavirus මංගල උත්සවවලට අමුත්තන් 50ක් පමණයි – නව සෞඛ්‍ය මාර්ගෝපදේශ එයි

මංගල උත්සවවලට අමුත්තන් 50ක් පමණයි – නව සෞඛ්‍ය මාර්ගෝපදේශ එයි

වහාම ක්‍රියාත්මක වන පරිදි අද (10දා) මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි විවාහ මංගල උත්සව සඳහා ශාලාවේ අසුන් ගැනීමේ ධාරිතාව නොසලකා අමුත්තන් 50 දෙනෙකුට පමණක් මංගල උත්සවයක් සඳහා අවසර ලබාදීමට රජය තීරණය කර තිබේ.

මීට අමතරව සෞඛ්‍ය අමාත්‍යාංශය නව මාර්ගෝපදේශ නිකුත් කිරීමටද නියමිතය. නිල රාජකාරි සඳහා යන අය, අත්අවශ්‍ය සේවා ප්‍රවාහන කටයුතු හැර අන්තර් පළාත් සංචාරක තහනම දැඩි ක්‍රියාත්මක කරන බවද යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

කෙසේ වෙතත් නිරෝධායන ඇඳිරි නීතිය පැනවීමට හෝ දිවයින පුරා අගුලු දැමීම සම්බන්ධයෙන් මෙතෙක් තීරණයක් ගෙන නොමැති බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Exit mobile version