Home Headlines ඉන්ධන මත පනවා ඇති අධිභාරය ඉවත් කෙරේ

ඉන්ධන මත පනවා ඇති අධිභාරය ඉවත් කෙරේ

පෙට්‍රල් සහ ඩීසල් මත පනවා තිබූ රුපියල් 26ක අධිභාරය බවත් කිරීමට පියවර ගත් බව විදුලිබල සහ බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා කියා සිටී. ඒ අනුව ලෝක වෙළඳපොලේ ඉන්ධන මිල ඉහළ ගියද අධිභාරය බවත් කිරීමත් සමග ශ්‍රී ලංකාවේ ඉන්ධන මිල ඉහළ නොයන බව අමාත්‍යවරයා දන්වා සිටී.
මෙලෙස ඉන්ධන මත පනවා ඇති අධිභාරය ඉවත් කිරීම මගින් පෙට්‍රල් ලීටරයකින් රුපියල් 35ක් සහ ඩීසල් ලීටරයකින් රුපියල් 25ක් පමණ පාඩුවන බවද අමාත්‍යවරයා පෙන්වා දෙයි.

Exit mobile version