Home Headlines ප්‍රේම දඩයමේ ෂිවන්යාට වහ වැටුණු දැරියන් ඉන්දියාවට යන්න ගොස් කොටු වෙයි

ප්‍රේම දඩයමේ ෂිවන්යාට වහ වැටුණු දැරියන් ඉන්දියාවට යන්න ගොස් කොටු වෙයි

ඉන්දියානු මෙගා ටෙලි නාට්‍යයක් වන ප්‍රේම දඩයම වසර ගණනාවක් ශ්‍රී ලංකාවේ රූපවාහිණියක විකාශනය වූ අතර එම නාට්‍යයේ ෂිවන්යාට වහ වැටුණු දියණියන් තිදෙනකු ෂිවන්යාව සොයා ඉන්දියාවට පැන යෑමට උත්සහ කිරීමේදී පොලිසිය විසින් සොයා ගෙන තිබේ.
හොරොව්පතාන නගරයේදී මෙම දියණියන් දෙදෙනාව පොලිසිය විසින් සොයා ගෙන ඇත්තේ ඔවුන්ගේ දෙමව්පියන් විසින් පොලිසියට කරන ලද පැමිණිල්ලක් අනූව කළ සෝදිසියකදීය වල් අලින් නිතරම ගැවසෙන ගම්මානයක පදිංචි මෙම දියණියන් රාත්‍රි කාලයේදී එම ගම්මානයෙන් පයින්ම ඇවිද ගොස් වැලිමුවපොතාන හන්දියට පැමිණ තිබේ.
අනතුරුව බස් රථයකට ගොඩවී ඇති බවද පොලිසිය සඳහන් කර සිටියි. පොලිසිය විසින් මෙම දියණියන් දෙදෙනාගෙන් කළ ප්‍රශ්න කිරීමේදී පවසා ඇත්තේ ෂිවන්යා බැලීමට කලක සිට උත්සහ කළ බවත් ඉන්දියාවට යෑමට ළගම නගරය යාපනය බැවින් යාපනයට පළමුව යෑමට උත්සහ කළ බවයි. මෙම දියණියන් තිදෙනා වයස අවුරුදු 8, 12 සහ 13 වයසේ පසු වීමද විශේෂත්වයකි.

Exit mobile version