Home Headlines ජනපති නව රජයේ ප්‍රතිපත්තිය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරයි

ජනපති නව රජයේ ප්‍රතිපත්තිය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරයි

නව වැනි පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරය ආරම්භ වූ අද දිනයේ නව රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශනය ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම පස්වරු 3 ට ආරම්භ විය. සෞඛ්‍යාරක්ෂාවට මුල් තැන දෙමින් අභිමානවත් හා චාම් අයුරින් මංගල සැසිය ඇරඹීම විශේෂත්වයකි. පස්වරු 2.30 ට පාර්ලිමේන්තුවට සපැමිණි ජනාධිපතිවරයා මංගල සැසිය ආරම්භ කිරීමට සභාගර්භයට ඇතුළුවීමට පෙර ප්‍රධාන පියගැට පෙළ අභියස දී දේවි බාලිකා විද්‍යාලයේ සිසුවියන් විසින් ජයමංගල ගාථා ගායනා කළහ. කතානායකවරයා, පාර්ලිමේන්තු මහලේකම්වරයා ප්‍රමුඛ ලේකම් මණ්ඩලයල වේත්‍රධාරීන් පිරිවරා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු සභා ගර්භයට පිවිසි අතර පස්වරු 3.00 ට පාර්ලිමේන්තුවේ මංගල සැසිය ආරම්භ කරමින් ගෝඨාභය රාජපක්ෂ මහතා රජයේ හා‍ ප්‍රතිපත්ති ප්‍රකාශනය ඉදිරිපත් කළේය.

Exit mobile version