Home Headlines දුර්ලභ බෝදිලිමා තබ්බෝවට දමයි

දුර්ලභ බෝදිලිමා තබ්බෝවට දමයි

පුත්තලම – පාලවිය ප්‍රදේශයෙන් හමුවු දුර්ලභ බෝදිලිමකු ප්‍රදේශවාසීන්ගේ දැනුවත් කිරීම මත පුත්තලම වන ජීවී පාලන ඒකකය රැගෙන ගොස් තබ්බෝව අභය භූමියට නිදහස් කර තිබේ.

ඉතා දුර්ලභ වියලි කලාපයේ ජීවත් වන සතෙක් වන මෙම බෝදිලිමා මේ දිනවල පවතින අධික වියලි කාලගුණික තත්ත්වය හේතුවෙන් ජලය සහ ආහාර සොයා නිවෙස් අසලට පැමිණ ඇත.

මෙම සත්වයා විවිධ අවස්ථාවල වර්ණ තම ශරීරය තුලින් විදහා පාන අතර නගුට අග නිරන්තරවම රවුම්කර සිටීමත් දෙපා තබන අයරුත් විශේෂත්වයක් ගන්නා බව වන ජීවී නිළධාරිහු පවසති. මෙම දුර්ලභ බෝදිලිමා CHAMELEON යන නමින් හඳුන්වයි.

Exit mobile version