Home News සජිත් පේ‍්‍රමදාස සහ බිරිඳටත් කොරෝනා හැදෙයි

සජිත් පේ‍්‍රමදාස සහ බිරිඳටත් කොරෝනා හැදෙයි

සමගි ජනබලවේගය පක්ෂ නායක මෙන්ම විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස සහ ඔහුගේ බිරිඳට කොරෝනා රෝගය වැළඳී ඇතැයි වාර්තා වේ. අදාළ වෛරසය ආසාදනය වූ බවට සජිත් පේ‍්‍රමදාස මහතා සිය ට්විටර් ගිණුමේද සටහනක් තබා තිබේ.
පසුගියදා පාර්ලිමේන්තුවේදී ඔහු ප‍්‍රකාශ කර සිටියේ තමා කොරෝනා එන්නත ලබා නොගත් බවයි. කෙසේ වෙතත් ඔහු සමග සිටි සමගි ජනබලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතාවද ස්වයං නිරෝධානය කර තිබේ.
මේ අතර පාර්ලිමේන්තුවේ චේත‍්‍රධාරී නරේන්ද්‍ර ප‍්‍රනාන්දු මහතා සඳහන් කළේ සජිත් පේ‍්‍රමදාස මහතා සමග සමීපව කටයුතු කළ සියලූ දෙනාට නිරෝධායනය වන ලෙස සෞඛ්‍ය අංශ විසින් උපදෙස් දී ඇති බවයි.

Exit mobile version