Home Foreign news ඉන්දීය සිනමා තරු රැසක් මත්ද්‍රව්‍ය පාලන කාර්යාංශයේ විමර්ශනයට

ඉන්දීය සිනමා තරු රැසක් මත්ද්‍රව්‍ය පාලන කාර්යාංශයේ විමර්ශනයට

ඉන්දීය සිනමා නළු සුෂාන්ත් රාජපුත් දිවි නසා ගැනීමේ සිද්ධිය හේතුවෙන විමර්ශණ සඳහා ඉන්දීය මත්ද්‍රව්‍ය පාලන කාර්යාංශය වෙත බොලිඩුඩ් තරු රැසක් මේ වනවිට මුම්බායි වෙත පැමිණ තිබේ. දිවි නසාගත් සුෂාන්ත්ගේ පෙම්වතිය වන රියා චක්‍රබෝර්තිගේ දුරකතනයෙන් ලබා ගත් වට්ස්ඇප් සංවාදවලින් අනාවරණය කරගත් කරුණු අනුව මෙම පිරිස විමර්ශණ ඒකකය වෙත කැඳවා තිබේ.
මිය ගිය සුෂාන්ත් හට මත්ද්‍රව්‍ය ලබාදුන් බවට රියා චක්‍රබෝර්ති සහ ඇගේ සොහොයුරා ඇතුළු 15 දෙනකු මේ වනවිට රක්ෂිත බන්ධනාගාර ගතකර ඇති අතර විමර්ශන සඳහා දීපිකා පදුකෝන්, රන්වීර් සිං, සාරා අලි ඛාන්, ෂාරදා කපූර්, රකූල් ප්‍රීත් සිං යන අය ඉන්දීය මත්ද්‍රව්‍ය පාලන කාර්යාංශය වෙත කැඳවා තිබේ.

Exit mobile version