Home Headlines ශ්‍රී ලංකා ක්‍රිකට් කළමණාකරු ඉල්ලා අස්වෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් කළමණාකරු ඉල්ලා අස්වෙයි

ශී‍්‍ර ලංකා කණ්ඩායමේ කළමණාකාර තනතුරින් ඉවත් වීමට අසන්ත ද මෙල් තීරණය කර තිබේ. ඒ අනුව එංගලන්ත කණ්ඩායම සමග පැවැත්වෙන දෙවන ටෙස්ට් කි‍්‍රකට් තරගයෙන් පසු තමන් අදාළ තනතුරින් සමුගැනීමට තීරණය කළ බව ඒ මහතා පවසිය.
තමන් කළමණාකාරීත්වයේ රැඳී සිටියේ තාවකාලිකව බවද එය තමන්ගේ වෙනත් වගකීම් ඉටු කිරීමට අපහසුවක් වී ඇතැයිද අසන්ත ද මෙල් මහතා අදහස් දක්වමින් කියා සිටී. කෙසේවෙතත් තමන් තවදුරටත් තේරීම් කමිටු සභාපති ධූරයේ කටයුතු කරන බවත් ඉදිරියේදී කිසිඳු සංචාරයකට එක් වීමට තමන් අදහස් නොකරන බවද ඔහු පවසා තිබේ.

Exit mobile version