Home Sport Cricket වයස අවුරුදු 19න් පහළ ආසියානු කුසලානයට ශ්‍රී ලංකාව ‘බී’ කාණ්ඩයෙන්

වයස අවුරුදු 19න් පහළ ආසියානු කුසලානයට ශ්‍රී ලංකාව ‘බී’ කාණ්ඩයෙන්

වයස අවුරුදු 19න් පහළ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම ‘බී’ කාණ්ඩයෙන් තරග වැදීමට නියමිතය. මෙම තරගාවලිය මෙම මස 23දා සිට 31දා දක්වා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැත්වේ. ශ්‍රී ලංකාවට අමතරව බංග්ලාදේශය, නේපාලය හා කුවේට් යන රටවල් එම කාණ්ඩයෙන් තරග කිරීමට නියමිත අතර, තරගාවලිය ආසියානු ක්‍රිකට් කවුන්සිලය සංවිධානය කරයි.
ශ්‍රී ලංකාව සහභාගී වන පළමු තරගය මෙම මස 24 වැනිදා කුවේට් දේශයට එරෙහිව පැවැත්වෙන අතර, දෙවන තරගය මෙම මස 26දා නේපාලයට එරෙහිව සහ තෙවැනි තරගය මෙම මස 28දා බංග්ලාදේශයට එරෙහිව පැවැත්වීමට නියමිතය.
තරගාවලියේ ‘ඒ’ කාණ්ඩයෙන් තරග කරනුයේ ඉන්දියාව, පාකිස්තානය, ඇෆ්ගනිස්තානය සහ සත්කාරක එක්සත් අරාබි එමීර් රාජ්‍යයයි.

Exit mobile version