කොවිඩ්-19 දැඩි ව්‍යාප්තිය හේතුවෙන් ශ්‍රී ලංකාව අවදානම් රටක් ලෙස නම් කිරීමට හොංකොං රාජ්‍යය පියවර ගෙන තිබේ. එය වහාම ක්‍රියාත්මක වන පරිදි අද (20දා) සිට බලපැවත්වෙන බව වාර්තා වේ.

ශ්‍රී ලංකාවට අමතරව බංග්ලාදේශය, කාම්බෝජය, ප්‍රංශය, ග්‍රීසිය, ඉරානය සහ මැලේසියාව ඇතුළු තවත් රටවල් 15ක්ද එහි අවදානම් රටවල් ලැයිස්තුවට ඇතුළත් කර තිබේ.

මේ හේතුවෙන් ශ්‍රී ලංකාවේ සිට පැමිණෙන පුද්ගලයින් සදහා නිරෝධායන නීති දැඩි කිරීමටද හොංකොං පාලනාධිකාරිය පියවර ගෙන තිබේ.