Home Headlines මහා මැතිවරණය අගෝස්තු 5 වැනිදා

මහා මැතිවරණය අගෝස්තු 5 වැනිදා

කෝවිඞ් 19 වසංගතය හේතුවෙන් කල් ගිය මහා මැතිවරණය ලබන අගෝස්තු මස 5 වැනිදා පැවැත්වීමට නියමිතව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප‍්‍රිය මහතා විසින් මීට සුුළු මොහොතට පෙර නිවේදනය කර සිටියා. ඒ මැතිවරණ කොමිසම් පරිශ‍්‍රයේ පැවැති සාකච්ඡුාවකින් අනතුරුව මැතිවරණ කොමසාරිස් වරයා මේ බව නිවේදනය කර සිටියේය.
ඉකුත් අපේ‍්‍රල් මස පැවැත්වීමට නියමිතව තිබූ මහා මැතිවරණය පසුව මැයි මසදී පැවැත්වීමට බලාපොරෝත්තු වුවද එය කෝවිඞ් 19 වසංගතය හේතුවෙන් දිනය නියමයක් නොමැතිව කල් දැමුණි. රජයේ මුද්‍රණාලය විසින් මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන්ගේ අංක ඊයේ මුද්‍රණය කළ අතර අද (10 දා* මැතිවරණය පැවැත්වෙන දිනය ස්්ථිර කිරීමත් සමග ඡුන්ද අපේක්ෂකයන්ගේ ප‍්‍රචාරක කටයුතු සඳහා නව නීති සංග‍්‍රහයක්ද ඉදිරිපත් කර තිබේ.

Exit mobile version