Home Business ශ්‍රී ලංකාව ඉන්දියාවෙන් ගත් ණයක් පියවා දමයි

ශ්‍රී ලංකාව ඉන්දියාවෙන් ගත් ණයක් පියවා දමයි

2020 වර්ෂයේ ජූලි මාසයේදී ශ්‍රී ලංකාව විසින් ඉන්දියානු සංචිත බැංකුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 400 ක මුදල් හුවමාරු ණය මුදල සම්පුර්ණයෙන් පියවා ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කර සිටී.
ශ්‍රී ලංකා මහ බැංකුව සිය ට්විටර් ගිණුම හරහා නිල නිවේදනයක් නිකුත් කරමින් නියමිත පරිදි මුදල් පියවීම සිදුකල බවත් එමෙන්ම ඉදිරි සහයෝගිතා සම්බන්ධයෙන් ද අඛණ්ඩව සාකච්ජා කෙරෙන බවත් කියා සිටී.
ඉන්දියානු සංචිත බැංකු මගින් ලබා ගත් අමෙරිකානු ඩොලර් මිලියන 400ක් වටිනා හුවමාරු ණය පියවන ලෙසට ඉන්දියාව මෙරට මුදල් අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් සිදුකර තිබු බව ඇතැම් මාධ්‍ය වාර්තා කර තිබුණු අතර එහි කිසිදු සත්‍යතාවක් නොමැති බව ශ්‍රී ලංකා මහ බැංකුව කියා සිටී.

Exit mobile version