Home Headlines රාජිතට සිතාසි

රාජිතට සිතාසි

සුදු වෑන් මාධ්‍ය සාකච්ඡා සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න සහ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති රූමි මොහොමඩ් යන අයට මේ මස 28 වනදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා කොළඹ මහාධිකරණය විසින් සිතාසි නිකුත් කර තිබේ. ඒ අනුව නීතිපතිවරයා විසින් ඉදිරිපත් කළ අධිචෝදනා පත්‍ර සලකා බැලීමෙන් පසුව කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා විසින් මෙම සිතාසි නිකුත් කර තිබේ.
පසුගිය ජනාධිපතිවරණය සමයේ කොළඹ දී මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා සුදු වෑන් රථවලින් පුද්ගලයින් පැහැරගෙන යාම සම්බන්ධයෙන් ප්‍රකාශ සිදුකර බොරු සාක්ෂි නිර්මාණය, ජනාධිපතිවරණයේ ප්‍රතිඵලවලට බලපෑමක් ඇතිවිය හැකි ආකාරයේ දූෂිත ක්‍රියාවක් සිදු කිරීම යනාදී අධිචෝදනා සම්බන්ධයෙන් දණ්ඩ නීති සංග්‍රහය යටතේ හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න ඇතුළු විත්තිකරුවන්ට එරෙහිව චෝදනා එල්ල කර තිබේ.

Exit mobile version