Home Headlines විස්සේ ලෝක පිලට වනිඳු සහ චරිත් අසංලක නම් කරයි

විස්සේ ලෝක පිලට වනිඳු සහ චරිත් අසංලක නම් කරයි

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැති පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් පසුව නම් කරන ලද ලෝක විස්සයි විස්ස කණ්ඩායමට ශ්‍රී ලංකාවේ වනිඳු හසරංග සහ චරිත් අසලංක ඇතුළත්ව තිබේ. මොවුන් දෙදෙනාම සහභාගි වූ පළමු විස්සයි විස්ස ලෝක කුසලානයේදී ලෝක කණ්ඩායමට ඇතුළත්වීම සුවිශේෂී දක්ෂතාවකි.
ලෝක කණ්ඩායමේ අංක පහ ස්ථානය චරිත් අසලංකට හිමිව ඇති අතර ඔහු මෙවර ලෝක කුසලානයේදී පිතිකරුවකු වශයෙන් මුළු ලකුණු 231 ක් ලබා ගත් අතර එහි ඉනිමක සාමාන්‍ය 46ග20 කිග ප්‍රහාරාත්මක වේගය 147.13 කි.
තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංගට ලෝක කණ්ඩායමේ අංක හත හිමිව ඇති අතර ඔහු මෙවර විස්සයි විස්ස ලෝක කුසලානයේදී පිතිකරුවකු වශයෙන් මුළු ලකුණු 119 ක්ද පන්දු යැවීමෙන් කඩුලු 16ක්ද ලබා තිබේ. වනිඳුගේ කඩුල්ලක් ලබා ගැනීමේ සාමාන්‍ය 9.75 කි. ඔහු වත්මන් ලොව විස්සයි විස්ස අංක එකේ පන්දු යවන්නා වශයෙන්ද ශ්‍රේණිගතව සිටයි. ලෝක කණ්ඩායමේ නායකයා වශයෙන් පාකිස්තානයේ බාබර් අසාම් නම් කර ඇත.
විස්සයි විස්ස ලෝක කණ්ඩායම
ජොස් බට්ලර්, ඩේවිඩ් වෝනර්, බාබර් අසාම්, මිචෙල් මාර්ෂ්, චරිත් අසංලක, මොයින් අලී, වනිඳු හසරංග, ජොස් හෙසල්වුඩ්, ඇඩම් සම්පා, ටේ‍රන්ට් බෝල්ට්, ඇන්රිච් නොට්ජි

Exit mobile version