Home Sport Cricket තලේබාන් පාලනය ඇෆ්ගනිස්තානු ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරියා තනතුරෙන් නෙරපයි

තලේබාන් පාලනය ඇෆ්ගනිස්තානු ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරියා තනතුරෙන් නෙරපයි

ඇෆ්ගනිස්තානු ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරී හමීඩ් ෂින්වාරි තනතුරෙන් පහ කර ඇති අතර, ඒ වෙනුවට එරට තලේබාන් පාලනයට සහය දක්වන හකානි ජාලයේ සමීපතම සගයෙකු වූ නසීබ් ඛාන් ලෙස හැඳින්වෙන නසීබුල්ලා හකානි පත් කර ඇත.

හකානි ජාලය සැලකෙන්නේ එරට ඉතිහාසයේ දරුණුම ප්‍රහාර කිහිපයකට වගකිව යුතු සංවිධානය ලෙසයි. හමීඩ් ෂින්වාරි ඔහුගේ ෆේස්බුක් පිටුවේ දක්වා තිබුණේ තලේබාන් සංවිධානයේ හකානි ජාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ නියෝග මත ඔහුව ඉවත් කර ඇති බවයි.

 

Exit mobile version