Home Headlines අඟුලාන පොලිසිය ඉදිරිපිට ඇති වූ නොසන්සුන්තාව පාලනය කිරීමට කඳුළු ගෑස් ප්‍රහාර

අඟුලාන පොලිසිය ඉදිරිපිට ඇති වූ නොසන්සුන්තාව පාලනය කිරීමට කඳුළු ගෑස් ප්‍රහාර

අඟුලාන පොලිස් ස්ථානය අසළ අද පස්වරුවේ ඇති වූ නොසන්සුන්තාව මේ වන විට පාලනය කළ බව පොලිසිය පවසයි. අගුලාන පොලිස් ස්ථානය ඉදිරිපිටට රැස්වූ ප්‍රදේශවාසීන් ගල්මුල් එල්ල කරමින් කලහකාරී ලෙස හැසිරී තිබෙන අතර, පසුව තත්ත්වය පාලනය කිරීමට කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබේ. පසුගියදා සිදුවූ වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සාක්ෂිකරුවන් දෙදෙනකු අද උදෑසන පොලිස් නිලධාරින් පිරිසක් පැමිණ ජීප් රථයකින් රැගෙන ගිය බව පවසමින් ප්‍රදේශවාසීහු මෙසේ විරෝධයක් දක්වා ඇත.

Exit mobile version