Home Headlines ‘තරුකි’ ඉන්වෙස්ට්මන් ක්‍රිකට් ශූරතාව ‘මෝටර් හබ්’ කණ්ඩායමට

‘තරුකි’ ඉන්වෙස්ට්මන් ක්‍රිකට් ශූරතාව ‘මෝටර් හබ්’ කණ්ඩායමට

  • ‘මමත් දේශපාලනඥයෙක් විදිහට ඔය ජය පරාජය දෙකම හොඳින් දන්නවා’ – පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම 

‘තරුකි ඉන්වෙස්ට්මන්’ ආයතනය විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන ‘තරුකි ඉන්වෙස්මන්ට් කුසලාන’ 2022 සැහැල්ලු පන්දු ක්‍රිකට් ශූරතාව දිනා ගැනීමට පිළිය්නදල ‘මෝටර් හබ් කාර් සේල්’ කණ්ඩායම සමත් විය. මෙම තරගය යටදොල ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වුණි.

මෙම වාර්ෂික තරගයේ ප්‍රධාන ආරාධි අමුත්තා වශයෙන් හිටපු අමාත්‍ය සහ වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා සහභාගි විය. ‘තරුකි ඉන්වෙස්ට්මන්ට්’ අධිපති ගෞරව මානව හිතවාදී දේශමාන්‍ය දේශ කීර්ති නිහාල් කුමාර මහතාගේ පූර්ණ දායකත්වයෙන් පැවැති මෙම වාර්ෂික ක්‍රිකට් තරගාවලියේ දක්ෂතම පිතිකරු වශයෙන් මෝටර් හබ් කණ්ඩායමේ සමීර සම්මාන ලැබු අතර දක්ෂතම පන්දු යවන්නා ලෙස එම කණ්ඩායමේ ලක්ෂාන් සම්මාන ලැබීය.

සමාරම්භක උත්සවයට පැමිණි පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා සඳහන් කර සිටියේ; ”ක්‍රීඩාව යනු ජය පරාජය දෙකම විඳ දරා ගැනීමට පුරුදු කරන තෝතැන්නක්. මොකද මමත් දේශපාලනඥයෙක් විදිහට ඔය ජය පරාජය දෙකම හොඳින් දන්නවා. හැමෝටම දිනන්නත් බැහැ. හැමෝටම පරදින්නත් බැහැ. නමුත් අද එකමුතුකම වර්ධනය කිරීමට ක්‍රිකට් සහ රග්බි ක්‍රීඩාවන් වැඩි වශයෙන් පැවැත්වෙනවා. මෙවැනි තරගාවලි දිගින් දිගටම පැවැත්වීම තමයි කළ යුත්තේ.” යනුවෙනි.

Exit mobile version