Home Headlines Coronavirus තව සතියකට රට වහයි

තව සතියකට රට වහයි

කොරෝනා පැතිරීම පාලනය කිරීම සඳහා දිවයින පුරා පැනවූ නිරෝධායන ඇඳිරි නීතිය තවත් සතියක කාලයකට දීර්ඝ කිරීමට ජනාධිපතිවරයා තීරණය කළ බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවැසීය. ඒ අනුව රට නැවත විවෘත කෙරෙන්නේ ලබන 13 වැනිදා අලුයම 4.00ටය.

නිරෝධායන ඇඳිරි නීතිය අනිද්දා (06දා) ඉවත් කිරීමට මීට පෙර තීරණය කර තිබිණ. දිවයින පුරා නිරෝධායන ඇඳිරි නීතිය පනවනු ලැබුවේ පසුගිය මස 20 වැනිදාය. මේ අනුව රට පුරා නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක කර ඇති දින ගණන 15කි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කොවිඩ් 19 ජනාධිපති කාර්ය සාධක බළකාය ඊයේ රැස්වී ඇත්තේ “සූම්” තාක්ෂණය ඔස්සේය. කොවිඩ් අවදානම හේතුවෙන් කොවිඩ් කාර්ය සාධක බලකා රැස්වීම සූම් තාක්ෂණය ඔස්සේ මෙලෙස පැවැත්වුණේ පළමු වතාවටය.

Exit mobile version