Home Headlines මතුගමත් කොරෝනා රෝගීන් තුනක්

මතුගමත් කොරෝනා රෝගීන් තුනක්

මතුගම ප්‍රදේශයෙන් කොරෝනා ආසාදිතයින් තිදෙනෙක් හඳුනාගෙන තිබේ. මතුගම – කොළඹ අධිවේගී මාර්ගයේ ධාවනය වු සුඛෝපභෝගී බස් රථයක රියදුරු, කොන්දොස්තර මහතා හා එම බස් රථයේ හිමිකරු යන අය මෙසේ කොරෝනා ආසාදිතයින් ලෙස හඳුනාගෙන තිබේ.
බස් රථ රියදුරු මතුගම නවුත්තුඩුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර, කොන්දොස්තරවරයා මතුගම බදුගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වේ. හිමිකරු මතුගම ඕවිටිගල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක් බවද වැඩිදුරටත් වාර්තා වේ.

Exit mobile version