Home Headlines ඩීසල් නැව් 2ක් එයි

ඩීසල් නැව් 2ක් එයි

ඉන්දීය ණය ආධාර යටතේ ඩීසල් මෙටි්‍රක් ටොන් 38,000 ක් රැගත් නැවක් ඊයේ (15 දා) කොළඹ වරායට පැමිණ ඇත.

තවත් ඩීසල් නැවක් ඉන්දීය ණය ආධාර යටතේ ලබන බ්‍රහස්පතින්දා (19 දා) පැමිණීමට නියමිතය. කෙසේ වෙතත් සංස්ථාව සතුව සීමිත පෙට්‍රල් තොග පවතින නිසා ඉදිරි දිනවල පෙට්‍රල් හිඟයක් ඇතිවිය හැකි බව තෙල් සංස්ථා අභ්‍යන්තර ආරංචි මාර්ග පැවසීය.

පසුගිය මාර්තු 27 දා මෙරටට පැමිණි පෙට්‍රල් මෙටි්‍රක් ටොන් 37,000 ක් රැගත් නැවක් ඊට පසු පැමිණි බොරතෙල් මෙටි්‍රක් ටොන් 70,000 ක් අඩංගු නැවක් හා කළුතෙල් මෙටි්‍රක් ටොන් 35,000 ක් රැගත් නැවක් ඩොලර් ගෙවීමේ හැකියාවක් නොමැතිවීම නිසා මෙරට මුහුදු සීමාවේ නතර කරගෙන සිටී. මෙම නැව් සඳහා දෛනික ප්‍රමාද ගාස්තු ලෙස විශාල මුදලක් ද ගෙවීමට සිදුවී තිබේ.

චමින්ද සිල්වා

Exit mobile version