Home Headlines දිවයින පුරා සියලුම පෙර පාසල් සහ විශ්වවිද්‍යාල වැසේ..

දිවයින පුරා සියලුම පෙර පාසල් සහ විශ්වවිද්‍යාල වැසේ..

දිවයින පුරා සියලුම පෙර පාසල් අද සිට (13 වැනිදා) වසා දැමීමට තීරණය කර තිබේ. කොරෝනා වෛරසය ව්‍යාප්තවීම හේතුවෙන් පෙර පාසල් දරුවන්ගේ සෞඛ්‍ය තත්ත්වය ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් මෙසේ දිවයිනේ සියලුම පෙර පාසල් වසා දැමීමට තීරණය කර ඇති බවට ළමා හා කාන්තා කටයුතු අමාත්‍යංශය ප්‍රකාශ කර තිබේ.
ඒ අනුව පෙර පාසල් නැවත ආරම්භ කෙරෙන දිනය පසුව දැනුම් දෙන බව ළමා හා කාන්තා කටයුතු අමාත්‍යංශය වැඩිදුරටත් කියා සිටී.
මේ අතර සියලුම විශ්වවිද්‍යාලද හෙට සිට (14 වැනිදා) සති දෙකක් වසා දැමීමට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව තීරණය කර තිබේ.

Exit mobile version