Home Headlines ප්‍රවීණ රංගන ශිල්පි රොබින් ප්‍රනාන්දු සදහටම සමුගනී – අවසන් කටයුතු අද

ප්‍රවීණ රංගන ශිල්පි රොබින් ප්‍රනාන්දු සදහටම සමුගනී – අවසන් කටයුතු අද

දීර්ඝ කාලයක සිට රෝගාතුරව සිටි ප්‍රවීණ රංගන ශිල්පි රොබින් ප්‍රනාන්දු මහතා අභාවප්‍රාප්ත වී තිබේ.
ඒ මහතා ඊයේ පෙරවරුවේ නාවින්නේ පිහිටි ඔහුගේ නිවසේදී අභාවප්‍රාප්ත වී ඇත. මිය යන වන විට රොබින්
ප්‍රනාන්දු මහතා 84 වන වියේ පසුවිය. රංගන ශිල්පියෙකු මෙන්ම ප්‍රවීන සටන් අධ්‍යක්ෂවරයෙකු ලෙසද
කටයුතු කළ අතර ඔහු චිත්‍රපට සහ ටෙලිනාට්‍ය රැසකට රංගනයෙන් සිය දායක වී ඇත.

1964 වසරේදී රංගනයට පිවිසි රොබින් ප්‍රනාන්දු මහතා අපේක්ෂා, සප්ත කන්‍යා,ධීවරයෝ, සිකුරුලියා,
දඩබිම, බදුලු කෝච්චිය, සංජානා, අභිරහස, විසිදැල, රුහුණු කුමාරි, චණ්ඩියා සහ සුර දූතියෝ යන චිත්‍රපට
සඳහා රංගනයෙන් දායකත්වය ලබාදී තිබුණි.

ඔහුගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද දින සවස සිදුකිරීමට නියමිතය.

Exit mobile version