Home Sport Cricket වනිඳු කැරිබියන් ප්‍රිමියර් ලීග් තරගාවලියෙන් ඉවත්වෙයි

වනිඳු කැරිබියන් ප්‍රිමියර් ලීග් තරගාවලියෙන් ඉවත්වෙයි

ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංග මෙවර කැරිබියන් ප්‍රිමියර් ලීග් තරගාවලියෙන් (සීපීඑල්) ඉවත්ව ඇත. ඒ එම කාලසීමාව තුළදී ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම දකුණු අප්‍රිකාවට එරෙහිව ක්‍රීඩා කිරීමට නියමිත බැවිනි. එම කාල සීමාවේදී ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම දකුණු අප්‍රිකාවට එරෙහිව තරග 03කින් යුත් එක්දින තරගාවලියකට සහ තරග 03කින් යුත් විස්සයි20 තරගාවලියකට  ක්‍රීඩා කිරීමට නියමිතය.

වනිඳු හසරංග මෙවර කැරිබියන් ප්‍රිමියර් ලීග් තරගාවලියේ ශාන්ත කිට්ස් ඇන්ඩ් නෙවිස් පේට්‍රියට්ස් කණ්ඩායමට ක්‍රීඩා කිරීමට නියමිතව තිබුණි. ඔහුට අමතරව ශ්‍රී ලංකා හිටපු තුන් ඉරියව් ක්‍රීඩක තිසර පෙරේරා බාබඩෝස් ට්‍රයිඩෙන්ට්ස් (බාබඩෝස් රෝයල්ස්) කණ්ඩායම වෙනුවෙන්ද තුන් ඉරියව් ක්‍රීඩක ඉසුරු උදාන ට්‍රින්බැගෝ නයිට් රයිඩර්ස් කණ්ඩායම වෙනුවෙන්ද ක්‍රීඩා කිරීමට නියමිතය.

මෙවර සීපීඑල් තරගාවලිය අගෝස්තු මස 26 වනදා සිට සැප්තැම්බර් මස 15 වනදා දක්වා පැවැත්වීමට නියමිතය.

Exit mobile version