Home Business ලෝක බැංකුවේ නියෝජිත පිරිස යාපනයට

ලෝක බැංකුවේ නියෝජිත පිරිස යාපනයට

ලෝක බැංකුවේ නියෝජිත පිරිස අද යාපනයේ කෝපායි රෝහලේ නිරීක්ෂණ චාරිකාවක

දිවයිනට පැමිණ සිටින ලෝක බැංකුවේ නියෝජිත පිරිස අද යාපනයේ කෝපායි රෝහලේ නිරීක්ෂණ චාරිකාවක නිරත වුණා.

ඒ, ලෝක බැංකු ආධාර යටතේ ක්‍රියාත්මක ප්‍රාථමික සෞඛ්‍ය සේවා සවිබලගැන්වීමේ ව්‍යාපෘති නිරීක්ෂණය කිරීම සඳහායි.

ලෝක බැංකුවේ මෙහෙයුම් කළමනාකරණ අධ්‍යක්ෂ ඇනා බියර්තේ මහත්මිය ඇතුළු පිරිසක් එලෙස දිවයිනට පැමිණියේ ඊයේ(30) උදෑසනයි.

ඔවුන්, ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් හෙට පැවැත්වීමට නියමිත බහුපාර්ශවික මූල්‍ය පහසුකම් සපයන ආයතන අතර වට මේස සාකච්ඡාවට සහභාගී වීමට නියමිතව තිබෙනවා.

Exit mobile version