පොලිස් දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ කොට්ඨාසය සහ පොලිස් මාධ්‍ය කොට්ඨාසය අන්තර්ජාලය හා සම්බන්ධව සිදුවන අපරාධ හා ළමා අපයෝජන සම්බන්ධයෙන් දවසේ පැය විසි හතර පුරාවටම අධික්ෂණය කරමින් සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා පවසයි.

යූ ටියුබ් මෙන්ම සමාජ මාධ්‍ය ජාලාවල සිදුවන අපයෝජන සහ අනෙකුත් අන්තර්ජාල අපරාධ සම්බන්ධයෙන් පොලිස් පරිගණක අපරාධ කොට්ඨාසයේ මෙන්ම පොලිස් මාධ්‍ය කොට්ඨාසයේ නිලධාරින් මෙම විමර්ශන සිදුකරන බව ද ඔහු සඳහන් කළේය.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා මේ බව සඳහන් කළේ, “ළමා අපචාර, ළමුන්ට එරෙහිව සිදුකෙරෙන හිංසන සහ ජනමාධ්‍යයෙහි සමාජ බලපෑම“යන මැයෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවති මාධ්‍ය හමුවේදී ය.