Home Headlines සේවඅර්ථසාධක අරමුදලෙන් සියයට 14ක බද්ධක් අය කරන ප්‍රචාරය සම්පූර්ණ අසත්‍යයක් – මුදල්...

සේවඅර්ථසාධක අරමුදලෙන් සියයට 14ක බද්ධක් අය කරන ප්‍රචාරය සම්පූර්ණ අසත්‍යයක් – මුදල් අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ

සේවක අර්ථසාධක අරමුදලෙන් සියයට 14ක බද්ධක් අය කරන බවට ප්‍රචාරය සම්පූර්ණ අසත්‍යයක් බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතා පවසයි. අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර සිටියේ මුදල් අමාත්‍යවරයා ලෙස තමන් පත්වීමෙන් පසුව සේවක අර්ථසාධක අරමුදලෙන් සියයට 14ක බද්ධක් අය කරන බවට ප්‍රචාරය වීම හේතුවෙනි.

ජනතාවගේ අවශ්‍යතාවලට මුල්තැන දෙමින්, අනවශ්‍ය වියදම් කපාහරිමින්, නාස්තිය දූෂණය අවම කරමින් හොඳ මහජන සේවයක් සැපයීම සඳහා මේ අවස්ථාවේදී සියලුම මහජන නියෝජිතයන් කටයුතු කළ යුතු බව කී බැසිල් රාජපක්‍ෂ මහතා වසංගතය හමුවේ අසීරුතාවකට පත්ව සිටින ජනතාව අපහසුතාවට පත් නොවන ආකාරයට කටයුතු කිරීම මහජන නියෝජිතයින්ගේ සහ නිලධාරීන්ගේ වගකීම බව සඳහන් කළේය.

Exit mobile version