Home Headlines Coronavirus සති අන්තයේ සංචරණ සීමා නැහැ

සති අන්තයේ සංචරණ සීමා නැහැ

මෙම සති අන්තයේ දිගු නිවාඩුවක් යෙදී තිබුණත් සංචරණ සීමා පැනවීමට තීරණයක් ගෙන නැතැයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පැවැසීය. කෙසේ වුවද පළාත් අතර සංචාර සීමා දිගටම ක්‍රියාත්මක කරන බවද හෙතෙම සඳහන් කළේය.

රටපුරා කොවිඩ් ආසාදිතයන් විසිදාහක් පමණ ප්‍රතිකාර ලබන සහ ආසාදිතයන් දිනකට 1500කට අඩු සංඛ්‍යාවක් වාර්තා වෙමින් තිබෙන තත්වයක් යටතේ ඉතා කල්පනාකාරීව කටයුතු කරන්නැයි ජනතාවගෙන් ඉල්ලීමක් කරන බව පැවසූ යුද හමුදාපතිවරයා එසේ කටයුතු නොකළහොත් අවදානමක් මතුවිය හැකි බවද පෙන්වා දුන්නේය .

Exit mobile version