Home Headlines අර්ජුන් මහේන්ද්‍රන්ට එරෙහි වරෙන්තුව ක්‍රියාත්මක කිරීමට නියෝග

අර්ජුන් මහේන්ද්‍රන්ට එරෙහි වරෙන්තුව ක්‍රියාත්මක කිරීමට නියෝග

හිටපු මහ බැංකු අධිපත් අර්ජුන් මහේන්ද්‍රන් සහ අජහාන් ගාර්දිය පුංචිහේවා යන අය අත්අඩංගුවට ගැනීම සඳහා නිකුත් කර තිබූ වරෙන්තුව ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා ලෙස කොටුය මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා අද (17 වැනිදා) අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවට නියෝග කර තිබේ.
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිදු කළ බැඳුම්කර වෙන්දේසි දෙකක රජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළැයි සිද්ධිය සම්බන්ධයෙන් රවි කරුණානායක ඇතුළු සැකකරුවන් 10 දෙනකු අත්අඩංගුවට ගන්නා ලෙස කොටුව මහේස්ත්‍රාත් අධිකරණය පසුගිය මාර්තු මාසයේදී නියෝග කර තිබිණි. ඒ අනුව අදාළ වරේනතුව අහෝසිකරන ලෙස ඉල්ලා රවි කරුණානායක ඇතුළු සැකකරුවන් කිහිප දෙනකු අභියාචනාධිකරණය හමුවේ පෙත්සම් ගොනුකළ අතර ඒ හේතුවෙන් ඔවුන් වෙත පැනවූ වරෙන්තුව ක්‍රියාත්මක නොවේ.

Exit mobile version