Home Headlines වැඩි මිලට කුකුළු මස් අලෙවි කළොත් වැඩ වරදින ලකුණු

වැඩි මිලට කුකුළු මස් අලෙවි කළොත් වැඩ වරදින ලකුණු

පාලන මිලට වැඩියෙන් කුකුළු මස අලෙවි කරන වෙළෙඳුන් සොයා වැටලීම් ආරම්භ කරන බව පාරිභෝගික අධිකාරිය කියා සිටී.
හම සහිත කුකුළු මස් කිලෝ එකක මිල රුපියල් 430ක් ලෙසත් හම රහිත කුකුළු මස් කිලෝ එකක මිල රුපියල් 500ක් ලෙසත් නියම කරමින් රජය විසින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබිණි. එසේ වුවද මේ වන විට දිවයිනේ ප්‍රදේශ රැසකින් පාලන මිලට වඩා වැඩි මිලකින් කුකුළු මස් අලෙවි කරන වෙළෙඳුන් පිළිබඳ පැමිණිලි රැසක් ලැබී ඇති බව පාරිභෝගික අධිකාරිය පවසයි.

Exit mobile version