Home Headlines Coronavirus රාජකීය–තෝමස් නිල මහා සටනට අවසර

රාජකීය–තෝමස් නිල මහා සටනට අවසර

‘‘ජෛව බුබුළු’’ ක්‍රමවේදය යටතේ කොළඹ රාජකීය විද්‍යාලය සහ ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලය අතර පැවැත්වීමට නියමිත නිල මහා සටන වාර්ෂික ක්‍රිකට් තරගය පැවැත්වීමට සෞඛ්‍ය අමාත්‍යාංශය අවසර ලබා දී තිබේ.
මෙම තරගය හම්බන්තොට සූරියවැව ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතය. දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ හා හම්බන්තොට ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයාගේ සෘජු අධීක්ෂණය යටතේ තරගය පැවැත්වීමට සැලසුම් කර ඇත. ලබන මස 9, 10, හා 11 යන තෙදින තරග පැවැත්වෙයි.
කොවිඩ් වයිරසය ආරම්භක අවදියේ ද මෙම තරගය කොළඹ දී පැවැති අතර එය දැඩි දෝෂදර්ශනයට ද ලක් විය.
Exit mobile version