Home Headlines ඇමැති වාසුදේවගේ පළමු පෙළ ආශ්‍රිතයින් 10 හඳුනා ගැනේ

ඇමැති වාසුදේවගේ පළමු පෙළ ආශ්‍රිතයින් 10 හඳුනා ගැනේ

කොරෝනා ආසාදනය වී ඇති අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා සමීපව ආශ්‍රය කළ මන්ත්‍රීවරුන් 10ක් මේ වන විට පළමු පෙළ ආශ්‍රිතයින් ලෙස හඳුනාගෙන තිබේ. ඒ අනුව එම මන්ත්‍රීවරු සියලුදෙනා සහ අදාළ අංශ මේ වන විට දැනුවත් කිරීමට පියවර ගෙන ඇතැයි පාර්ලිමේන්තුවේ ප්‍රකාශකයෙක් සඳහන් කළේය.
මේ අතර වාසුදේව නානායක්කාර අමාත්‍යවරයා පසුගිය පාර්ලිමේන්තු රැස්වීම් වාරයේ දී දින 4 ම පාර්ලිමේන්තුවට පැමිණ තිබු බව ද වාර්තා වේ.

Exit mobile version