Home Headlines අධිකරණ නීති කඩකරමින් විරෝධතා දැක්වූ පෙරටුගාමි 10ක් අත්අඩංගුවට

අධිකරණ නීති කඩකරමින් විරෝධතා දැක්වූ පෙරටුගාමි 10ක් අත්අඩංගුවට

කොල්ලුපිටියේ පිහිටි ඇමරිකානු තානාපති කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක් පැවැත්වීම හේතුවෙන් පෙරටුගාමි සමාජවාදී පක්ෂයේ සාමජිකයින් 10 දෙනකු අත්අඩංගුවට ගෙන තිබේ. මෙම සාමාජිකයින් අතර දුමින්ද නාගමවු මහතාද වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න මහතා ප්‍රකාශ කරයි.
ඇමරිකාවේ ජෝර්ජ් ලොයිඞ් නමැති කලු ජාතිකයාගේ ඝාතනය හෙලා දකිමින් පෙරටුගාමි සමාජවාදී පක්ෂය විසින් මෙම විරෝධතාව සංවිධානය කර තිබිණි. කෙසේ වෙතත් ඊයේ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් පොලිසිය විසින් මෙම විරෝධතාව පැවැත්වීම වළකාලමින් නියෝගයක් ලබාගෙන තිබුණු අතර එම නියෝගය කඩ කරමින් අදාල පක්ෂ සාමාජිකයන් මෙම විරෝධතාව පවත්වා තිබේ.

Exit mobile version