Home Headlines රටවල් හතරකින් පුද්ගලයින් 724ක් දිවයිනට

රටවල් හතරකින් පුද්ගලයින් 724ක් දිවයිනට

කොරෝනා වසංගත තත්වය හේතුවෙන් මෙරටට පැමැණීමට නොහැකිව ඔස්ට්‍රේලියාව, ඩුබායි, චෙන්නායි සහ ජපානයේ රැඳී සිටී ශ්‍රී ලාංකිකයින් 724 දෙනෙකු අද (21 වැනිදා) අලුයම හා ඊයේ ්‍ර(20 වැනිදා) රාත්‍රීයේ දිවයිනට පැමිණ තිබේ.
ඔවුන් කටුනායක සහ මත්තල ගුවන් තොටුපළවල්වලින් මෙරටට පැමිණ ඇති අතර ඔස්ට්‍රේලියාවේ සිට පුද්ගලයින් 288ක්, ඩුබායි සිට පුද්ගලයින් 420ක්, ඉන්දියාවේ චෙන්නායි සිට පුද්ලගයින් 6 දෙනෙක් හා ජපානයේ සිට පුද්ගලයින් 10 දෙනෙක් මෙරටට පැමිණ තිබේ.
පැමිණි සියලු දෙනාම ගුවන් තොටුපළ පරිශ්‍රයේදීම පී.සී.ආර් පරීක්ෂණ සඳහා ලක්කිරීමෙන් අනතුරුව නිරෝධායනයට යොමුකර තිබේ.

Exit mobile version