Home Headlines සුපිරි පන්දුවාරයෙන් දිල්ලි කැපිටල්ස්ට ජය

සුපිරි පන්දුවාරයෙන් දිල්ලි කැපිටල්ස්ට ජය

ඉන්දීය ප්‍රීමියර් ලීග් පන්දුවාර විස්සයි විස්ස තරගාවලියේ ඊයේ (20 වැනිදා) දිල්ලි කැපිටල්ස් සහ කිංග්ස් XI පන්ජාබ් අතර පැවැති තරගය සුපිරි පන්දුවාරයෙන් ජය ගැනීමට දිල්ලි කැපිටල්ස් කණ්ඩායම සමත් විය.
තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් දිල්ලි කැපිටල්ස් කණ්ඩායම පන්දුවාර 20දී කඩුලු 8ක් දැවී ලකුණු 157ක් ලබා ගත්තේය. මාර්කස් ස්ටොනිස් පන්දු 21කදී හයේ පහර 3ක් සහ හතරේ පහර 7ක් සමගින් වේගවත් ලකුණු 53ක් ලබා ගත්තේය. ශ්‍රියාස් අයියර් ලකුණු 39ක් සහ රිශ්බා පන්ට් ලකුණු 31ක් ලබා ගැනීමට සමත් විය.
පිළිතුරු ඉනිම හඹා ගිය කිංග්ස් XI පන්ජාබ් කණ්ඩායම පන්දුවාර 20 අවසානයේදී කඩුලු 8ක් දැවී ලකුණු 157කට සීමා විය. මහයන්ක් අග්‍රාවල් පන්දු 60කදී හයේ පහර 4ක් සහ හතරේ පහර 7ක් සමගින් ලකුණු 89ක් වාර්තා කළේය.
ඒ අනුව තරගයේ ජයග්‍රාහකයා තේරීම වෙනුවෙන් ක්‍රියාත්මක කළ සුපිරි පන්දුවාරයෙදී පළමුවෙන් පන්දුවට පහරදුන් පන්ජාබ් කණ්ඩායම පන්දු 3කදී කඩුලු 2ක් දැවී ලකුණු 2ක් පමණක් ලබා ගැනීමට සමත් වූ අතර දිල්ලි කණ්ඩායම කිසිවෙකුත් නොදැවි අදාළ ඉලක්කය පසුකර ගියේය.

Exit mobile version