Home Headlines සියලුම පාසල් සඳහා ගිලන් කාමරයක්

සියලුම පාසල් සඳහා ගිලන් කාමරයක්

රටපුරා පාසල් නැවත ආරම්භ කිරීමට පෙර ගිලන් කාමරයක් සෑම පාසලකම සකස් කර තිබිය යුතු යැයි අධ්‍යාපන අමාත්‍යංශය කියා සිටී. ඒ අනුව පාසල් ආරම්භ කරන මේ මස 29 වැනිදා සිට සිසුන් ගේ පැමිණීම ආරම්භ වන ජුලි 06 වැනිදා දක්වා කාලය තුළ මෙම පහසුකම් සකස් කර අවසන් කළ යුතු යැයි ද පාසල්වල විදුහල්පතිවරුන්ට උපදෙස් දී ඇතැයි අධ්‍යාපන අමාත්‍යංශය වැඩිදුරටත් කියා සිටී.
කොවිඞ් – 19 පැතිරීම වැළැක්වීමට පාසල් හා අධ්‍යාපන ආයතන සුදානම් කිරීම සඳහා අධ්‍යාපන අමාත්‍යංශය මඟින් නිකුත් කරන ලද උපදෙස් සංග‍්‍රහයට අදාළව මෙම තීරණය විදුහල්පතිවරුන් වෙත යොමුකර ඇති අතර ගිලන් කාමරය සඳහා අත් සේදීමේ පහසුකම්, සබන්, ඇඳක් ,බීමට සුදුසු ජලය හා ප‍්‍රථමාධාර පෙට්ටියක් මෙන්ම දොරක් හෝ අන් අයගෙන් වෙන් කිරීමේ තිරයක් සහිත කාමරයක් විය යුතු බව ද එහි සඳහන් වේ.

Exit mobile version