ඒ අනුව රාජ්‍ය ආයතන වල අතිරේක වියදම් දැරීම වහාම නතර කරන ලෙස මුදල් අමාත්‍යංශය සියලුම රාජ්‍ය ආයතනවලට දැනුම් දී ඇතැයි වාර්තා වෙයි .මේ අතර රාජ්‍ය ආයතනවලට අලුතින් සේවකයින් බඳවා ගැනීම ද නතර කරන ලෙස මුදල් අමාත්‍යංශය දැනුම් දී තිබේ.

කොරෝනා ව්‍යාප්තියත් සමග රජයේ ආදායම විශාල ලෙස අඩු වීම සැලකිල්ලට ගනිමින් මුදල් අමාත්‍යාංශය මෙම පියවර ගෙන ඇත .

මේ අතර මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සියලුම පළාත් ආණ්ඩුකාරවරුන් සහ දිස්ත්‍රික් ලේකම්වරුන් ඉකුත් සතියේ කොළඹ අරලියගහ මන්දිරයට කැඳවා, වියදම් සීමා කරන ලෙස දැනුම් දී ඇත