Home Headlines Coronavirus කොවිඩ්-19 ආසාධිතයින් හේතුවෙන් දෙවැනි විස්සයි20 තරගය කල් දමයි

කොවිඩ්-19 ආසාධිතයින් හේතුවෙන් දෙවැනි විස්සයි20 තරගය කල් දමයි

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (27දා) පැවැත්වීමට නියමිතව තිබූ දෙවැනි පන්දුවාර 20 ක්‍රිකට් තරගය හෙට (28දා) දිනය දක්වා කල් දැමීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ. ඒ අද සවස සිදු කළ වෛද්‍ය පරීක්ෂණයකින් (ඇන්ටිජන් පරීක්ෂණය) ඉන්දීය තුන් ඉරියව් ක්‍රීඩක කෘනල් පාන්ඩ්යාට කොවිඩ්-19 ආසාදනය වී ඇති බවට හදුනා ගැනීම හේතුවෙනි.

මේ වනවිට ඔහුගේ සමීප ආශ්‍රිතයින් ලෙස ක්‍රීඩකයන් 08 දෙනෙකු හදුනා ගෙන ඇති අතර, ඔවුන් නිරෝධායනයට යොමු කර තිබේ.

මීට අමතරව කණ්ඩායම් දෙකේ සියලු සාමාජිකයින් අද දිනයේ දී නැවතත් PCR පරීක්ෂණවලට ලක් කිරීමට පියවර ගෙන තිබේ.

Exit mobile version