Home Headlines ඥාතියා වෙනුවෙන් O/L ලියන්න ගිහින් මාට්ටු

ඥාතියා වෙනුවෙන් O/L ලියන්න ගිහින් මාට්ටු

සාමාන්‍ය පෙළ විභාග අපේක්ෂකයෙකු වෙනුවෙන් පෙනී සිටි වෙනත් පුද්ගලයෙකු අනුරාධපුරයේ දී අත්අඩංගුවට ගෙන තිබේ. ඒ අනුව ඊයේ (08 වැනිදා) ඉපලෝගම පොලිස් ස්ථානය මඟින් අවුරුදු 21ක තරුණයෙක් මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.
ගණිතය ප්‍රශ්න පත්‍රය සඳහා කළුවිල විභාග මධ්‍යස්ථානයේ දී අදාළ පුද්ගලයා සිය ඥාතියෙකු වෙනුවෙන් පෙනී සිටීම සම්බන්ධයෙන් විභාග පරීක්ෂකවරයාට ලැබුණ තොරතුරක් අනුව පොලීසිය විසින් එම පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබේ. අදාළ පුද්ගලයා වීරවිල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර ඔහු විභාගයට පෙනී සිටීම සඳහා අනුරාධපුරයට ගොස් ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා සඳහන් කරයි.

Exit mobile version