Home Headlines ඊබ‍්‍රාහිම්ගේ පුත්‍රයාට සලකන්න බන්ධනාගාර අධිකාරිවරයාට අල්ලස් දීලා

ඊබ‍්‍රාහිම්ගේ පුත්‍රයාට සලකන්න බන්ධනාගාර අධිකාරිවරයාට අල්ලස් දීලා

පාස්කු ප‍්‍රහාරය සම්බන්ධයෙන් සැකපිට කොළඹ රිමාන්ඞ් බන්ධනාගාරයේ ර`දවා සිටින මොහොමඞ් ඊබ‍්‍රාහිම්ගේ පුත‍්‍රයකු ඇතුළු තිදෙනකුට පහසුකම් සැලසීම ස`දහා බන්ධනාගාර අධිකාරිවරයාට අල්ලස් ලබා දීමට උත්සාහ ගත් බන්ධනාගාර ජෙලර්වරයකුගේ වැඩ තහනම් කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.
මෙම ජෙලර්වරයා අතරමැදියකු ලෙස කටයුතු කරමින් මෙසේ බන්ධනාගාර අධිකාරිවරයාට රුපියල් ලක්‍ෂ පහක අල්ලසක් ලබාදීමට සාකච්ඡුා කර ඇතැයි බන්ධනාගාර කොමසාරිස් පාලන හා පුනරුත්ථාපන මෙන්ම බන්ධනාගාර මාධ්‍ය ප‍්‍රකාශක චන්දන ඒකනායක මහතා පවසියි.
මොහොමඞ් ඊබ‍්‍රාහිම්ගේ එක් පුත‍්‍රයකු පාස්කු ඉරිදා ප‍්‍රහාරයේදී මරාගෙන මැරෙන ඝාතකයකු ලෙස බෝම්බ පුපුරුවා ගනිමින් මරණයට පත්වූ අතර අනෙක් පුත‍්‍රයා ප‍්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමෙන් පසුව බන්ධනාගාරගත කෙරිණි.

Exit mobile version