Home Headlines කන්දකාඩු පුනරුත්තාපන මධ්‍යස්ථානයේ 57කට කොරෝනා

කන්දකාඩු පුනරුත්තාපන මධ්‍යස්ථානයේ 57කට කොරෝනා

කන්දකාඩු මත්ද්‍රව්‍යන්ට ඇබ්බැහිවූවන්ගේ පුනරුත්තාපන මධ්‍යස්ථානයෙහි කොරෝනා රෝගීන් 57 දෙනකු හඳුනාගෙන ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා කියයි. එම පුනරුත්තාපන කඳවුරේ රැඳවියන් සහ කාර්ය මණ්ඩලයේ 450 දෙනකු පීසීආර් පරික්ෂණ සඳහා යෙමුකළ අතර එහිදී මෙම ආසාදිතයන් පිරිස හඳුනාගෙන තිබේ.
තවද අද උදෑසන මාරවිල ප්‍රදේශයේදී කොරා්නා ආසාදිත කාන්තාවක් හඳුනාගත් අතර එහිදී ඇයද කන්දකාඩු පුනරුත්තාපන මධ්‍යස්ථානයේ උපදේශිකාවක් ලෙස කටයුතු කළ අයෙක් බවට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේනතුව දන්වා සිටී.

Exit mobile version