Home Headlines මහ මැතිවරණය කල් යයි

මහ මැතිවරණය කල් යයි

මේ වන විට රටට බලපා ඇති කොරෝනා වෛරස් තත්ත්වය හේතුවෙන් ඉදිරියේදී පැවැත්වීමට නියමිතව තිබූ පාර්ලිමේන්තු මහ මැතිවරණය කල් දැමීමට තීරණය කර තිබේ. අද පැවැති මාධ්‍ය හමුවක් අමතමින් මැතිවරණ කොමිසන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා මේ පිළිබඳ දන්වා සිටියේය.
2020 පාර්ලිමේන්තතු මහ මැතිවරණය ලබන අප්‍රේල් මස 25 වැනිදාට පැවැත්වීමට තීරණය කර තිබූ අතර නැවත මැතිවරණය පැවැත්වෙන දිනය පිළිබඳ මාර්තු 26 වැනිදාට පසු තීරණය කරන බවද කොමිසමේ සභාපතිවරයා පැවසීය.

Exit mobile version