Home Headlines පෑනක් වගේ පිස්තෝලයක් උඩුවරදී අල්ලයි

පෑනක් වගේ පිස්තෝලයක් උඩුවරදී අල්ලයි

ජීව අත්බෝම්බ, පෑනක හැඩය ඇති පිස්තෝලයක් ඇතුළු ආයුධ තොගයක් පොලිස් විශේෂ කාර්ය බළකාය මගින් සොයා ගෙන ඇත.
අදාළ බෝම්බ ඇතුළු ආයුධ තෙබුවන පොලිස් වසමේ උඩුවර ප්‍රදේශයේ දී ඒවා ළඟ තබා ගත් පුද්ගලයෙකු සමග අත්අඩංගුවට ගැනීමට හොරණ පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් විසින් සමත් වී තිබේ.
මෙම වැටලීි්මේදී ජීව අත්බෝම්බ දෙකක්, පෑනක හැඩය සහිත පිස්තෝලයක්, මිමි 9 උණ්ඩ 187 ක්‌, 3.8 උණ්ඩ 128 ක්‌, ඒ සී පී 4.5 වර්ගයේ උණ්ඩ 3 ක්‌ ඇතුළු විවිධ වර්ගයේ උණ්ඩ රැසක්‌ ද විශේෂ කාර්ය බළකාය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු සහ ආයුධ වැඩිදුර පරීක්ෂණ සඳහා තෙබුවන පොලිසිය වෙත භාර දී ඇති අතර මේ සම්බන්ධයෙන් ද පොලිස් විශේෂ කාර්යය බලකාය ද පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.
Exit mobile version