Home Foreign news පාකර් සෝලර් ප්‍රෝබ් ගිනිගෙන දැවෙන සූර්යයා අල්ලයි

පාකර් සෝලර් ප්‍රෝබ් ගිනිගෙන දැවෙන සූර්යයා අල්ලයි

ගිනිගෙන දැවෙන සූර්යයා අධ්‍යයනයට ඇමෙරිකාවේ නාසා ආයතනය යොමු කළ පාකර් සෝලර් ප්‍රෝබ් රෝබෝ යානය ඒ වෙතට ගමන් කර තිබේ. හිරු ගවේෂණයට යැවූ රෝබෝ යානය, හිරුගේ ඉහළ රැස් වළල්ල අතරින් ගමන් කරමින්, දත්ත රැස් කළ ඇතැයි ඇමෙරිකාවේ නාසා ආයතනය නිකුත් කළ නිවේදනයක දැක්වේ.
පාකර් සෝලර් ප්‍රෝබ් යන නමින් නම් කළ මෙම රොබෝ යානය, මිනිසා විසින් හිරු ගවේෂණයට යැවූ පළමු ගවේෂණය යානයයි.
ඒ අනුව පාකර් සෝලර් ප්‍රෝබ් හිරුගේ චුම්බක ක්ෂේත්‍රය අධ්‍යයනය කරමින්, හිරුගේ අංශු සාම්පල එක්රැස් කළ බව නාසා ආයතනය පවසයි. යානය නිපදවා ඇත්තේ හිරුගේ අධික තාපයට ඔරොත්තු දෙන අන්දමින් විශේෂිත ක්‍රමයකට වීම සුවිශේෂිය.
නාසා ආයතනය ‘පාකර් සෝලර් ප්‍රෝබ්’ යානය පෘථිවියෙන් පිටත් කර හිරු වෙත යැවීම සිදුවූයේ 2018 වසරේදීය. එය හිරු වටා යමින් සෙමින් සෙමින් හිරුට ළං වීම සිදුවිය. යානය ගමන් කරන්නේ පැයට කිලෝ මීටර් 6,92,000 ප්‍රබල වේගයකිනි. ‘පාකර් සෝලර් ප්‍රෝබ්’ යානය නිපදවීමට වැය වී ඇති මුදල ඇමෙරිකන් ඩොලර් බිලියන 1.5කි.

Exit mobile version