Home Headlines රාජ්‍ය සහ පෞද්ගලික සේවකයන් සඳහා ඡන්දෙට නිවාඩු ලැබෙන හැටි

රාජ්‍ය සහ පෞද්ගලික සේවකයන් සඳහා ඡන්දෙට නිවාඩු ලැබෙන හැටි

මහ මැතිවරණය වෙනුවෙන් රජයේ සහ පෙෘද්ගලික සේවකයන් සඳහා නිවාඩු ලබා දිය යුතු ආකාරය මැතිවරණ කොමිසම විසින් ප්‍රකාශයට පත්කර තිබේ. ඒ අනුව සේවා ස්ථානයේ සිට ඡන්ද පොළට යා යුතු දුර අනුව නිවාඩු ලබාදිය යුතු කාලය නියම කර තිබේ.
කිලෝමීටර් 40 ක් හෝ ඊට අඩු නම් දින භාගයක්, කිලෝමීටර් 40 ත් 100ත් අතර නම් එක් දිනක්, කිලෝමීටර් 100 ත් 150 ත් අතර දින එක හමාරක්, කිලෝමීටර් 150 ට වැඩි නම් දින දෙකක් වශයෙන් නිවාඩු ලබාදිය යුතුවන බව මැතිවැරණ කොමිසම දන්වා සිටී.
මේ අතර නිවාඩු ලබා නොදීම සම්බන්ධයෙන් පැමිණිලි දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලයට දැනුම් දෙන ද ලෙස මැතිවරණ කොමිසම තැපැල් ඡන්ද දායකයන්ගෙන් ඉල්ලා සිටියි.

Exit mobile version