Home Headlines කුසල් මෙන්ඩිස්ට ඇප

කුසල් මෙන්ඩිස්ට ඇප

රිය අනතුරකින් පුද්ගලයකු මියයෑමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක කුසල් මෙන්ඩිස් අද (06 වැනිදා) පානදුර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදා හැර තිබේ. ඒ අනුව රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත කුසල්ට අප නියම කිරීමට පානදුර මහෙස්ත්‍රාත්වරයා පියවරගෙන තිබේ. මීට අමතරව කුසල් මෙන්ඩිස්ගේ රියදුරු බලපත්‍රය තාවකාලිකව අත්හිටුවීමට නියෝග කළ අතර පැමිණිල්ල නැවතත් සැප්තැම්බර් 9 වැනිදා විභාගයට ගැනීමට නියමිතය.
පානදුර හොරේතුඩුව ප්‍රදේශයේ දී ඔහු පැදවූ රියේ ගැටී පාපැදිකරුවකු මිය ගොස් තිබිණි. මෙලෙස මිය ගොස් ඇත්තේ පානදුර ගොරකපොල ප්‍රදේශයේ පදිංචි 64 හැවිරිදි පුද්ගලයෙකි.

Exit mobile version