Home Headlines සමගි ජනබලවේග පක්ෂයේ ජාතික ලැයිස්තුව නම් කෙරේ

සමගි ජනබලවේග පක්ෂයේ ජාතික ලැයිස්තුව නම් කෙරේ

සමගි ජනබලවේග පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන්ගේ නාම ලේඛණය සකස්කර අවසන් බවට එම පක්ෂය සඳහන් කර සිටී. ඒ අනුව අදාළ නාම ලෝඛන අද (13 වැනිදා) මැතිවරණ කොමිෂන් සභාව වෙත භාර දීමට නියමිත බවද එම පක්ෂය සඳහන් කර සිටී.
මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේදී සමගි ජනබලවේග පක්ෂය සඳහා ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර 7ක් හිමි විය. ඒ අනුව සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර සඳහා රංජිත් මද්දුමබණ්ඩාර, හරින් ප්‍රනාන්දු ඉමිතියාස් බාකිර් මාකර්, තිස්ස අත්තනායක, එරාන් වික්‍රමරත්න, මයන්ත දිසානායක සහ ඩයනා ගමගේ යන අය නම් කර ඇති බව සඳහන් වේ.

Exit mobile version