Home Headlines පක්ෂ 3ක ජාතික ලැයිස්තු මන්ත්‍රි ධුර නම් කෙරේ.

පක්ෂ 3ක ජාතික ලැයිස්තු මන්ත්‍රි ධුර නම් කෙරේ.

මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට අදාළව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, ඉලංගෙයි තමිල් අරසු කච්චි සහ අහිල ඉලංගෙයි තමිල් කොංග්‍රසය නියෝජනය ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන්ගේ නම් ගැසට් කර තිබේ. ඒ අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් නම් කරන ලද ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර 17, ඉලංගෙයි තමිල් අරසු පක්ෂය සහ අහිල ඉලංගෙයි තමිල් කොංග්‍රසය නම් කරන ලද ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර මෙලෙස ගැසට් කර ඇති බව සඳහන් වේ.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ
1. මහාචාර්ය ජී. එල්. පීරිස්
2. නීතිඥ සාගර කාරියවසම්
3. අජිත් නිවාඩ් කබ්රාල්
4. ජනාධිපති නීතිඥ මොහොමඩ් අලි සබ්රි
5. ජනාධිපති නීතිඥ ජයන්ත වීරසිංහ
6. විශ්‍රාමික ගුරු උපදේශිකා මංජුලා දිසානායක
7. ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රංජිත් බණ්ඩාර
8. මහාචාර්ය චරිත හේරත්
9. ගෙවිඳු කුමාරතුංග
10. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසාම්මිල්
11. මහාචාර්ය තිස්ස විතාරණ
12. ඉංජිනේරු යදාමිණි ගුණවර්ධන
13. ආචාර්ය සුරේන්ද්‍ර රාඝවන්
14. ව්‍යාපාරික ටිරාන් අලස්
15. විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොල
16. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ
17. මොහොමඩ් ෆලීල් මර්ජාන්
ඉලංගෙයි තමිල් අරසු කච්චි, තවරාජ කලෙයිඅරසන් සහ අහිල ඉලංගෙයි තමිල් අරසු කොංග්‍රසයෙන් සෙල්වරාසා ගජේන්තිරන් යන මහත්වරුන්ද පාර්ලිමේන්තු සභිකයින් ලෙස නම් කර තිබේ.
මේ අතර සමගි ජනබලවේගය, ජාතික ජන බලවේගය, එක්සත් ජාතික පක්ෂය සහ අපේ ජනබල පක්ෂයට අදාළ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර මෙතෙක් ගැසට් කර නොමැත.

Exit mobile version