Home Headlines මැතිවරණ ප්‍රචාරක කටයුතු 02 වැනිදා මධ්‍යම රාත්‍රියෙන් අවසන්

මැතිවරණ ප්‍රචාරක කටයුතු 02 වැනිදා මධ්‍යම රාත්‍රියෙන් අවසන්

මහ මැතිවරණයට අදාළ ප්‍රචාරක කටයුතු අගෝස්තු 02 වැනිදා මධ්‍යම රාත්‍රී 12 න් අවසන් බව මැතිවරණ කොමිසම පවසයි. එදින රාත්‍රී 10 සිට ප්‍රචාරක යන්ත්‍ර භාවිත කිරීම තහනම් බවත් මැතිවරණ කොමිසම සඳහන් කරයි. ඒ අනුව මැතිවරණය වෙනුවෙන් සිදුකරන අවසන් රැස්වීම් අගොස්තු 02 දා අවසන් කළ යුතුය. එසේ වුවද ගෙයින් ගෙට යෑම සහ අත්පත්‍රිකා බෙදීම අගොස්තු 03 වැනිදා සිදු කිරීමට හැකියාව ඇති බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි. ඡන්ද පෙට්ටි රැගෙන යන 04 වැනිදා කිසිදු ප්‍රචාරණ කටයුත්තක් සිදු නොකළ යුතු බවද මැතිවරණ කොමිසමේ සභාපතිවරයා වැඩිදුරටත් කියා සිටී.

Exit mobile version