Home News මා ගැන පළවන ප‍්‍රවෘත්ති අසත්‍යයි -ලෝක රූ රැජිණ කියයි

මා ගැන පළවන ප‍්‍රවෘත්ති අසත්‍යයි -ලෝක රූ රැජිණ කියයි

තමා සම්බන්ධයෙන් සමාජ ජාලා තුල පැතිර යන ප‍්‍රවෘත්ති සත්‍යයෙන් තොර යැයි විවාහක රූ රැජිණ ලෙස කිරුළ පැළඳූ පුෂ්පිකා ද සිල්වා මහත්මිය කියා සිටී.
ඇය සිය සමාජ මාධ්‍ය ජාලයෙහි සටහනක් තබමින් මේ බව කියා සිටින අතර ඇය කිසිඳු දේශපාලන පක්ෂයක් හෝ කිසිඳු දේශපාලනඥයෙකු වෙනුවෙන් පෙනී නොසිටින බවද එහි සඳහන් කර ඇත. වක‍්‍රාකාරයෙන් තමා සම්බන්ධයෙන් ප‍්‍රචාරය වන ප‍්‍රවෘත්ති අසත්‍ය යැයිද සත්‍ය සාක්ෂි පදනම් කර ගනිමින් එවැනි ප‍්‍රවෘත්ති ප‍්‍රචාරය කරන ලෙසද ඇය ඉල්ලයි.

Exit mobile version